Everystory Sri Lanka
අභියෝග තිළිණ සේ ගත් — යතුරු පැදි ලෝලි යෞවනිය: හංසිකා අබේසිංහ.
Updated: Jan 27, 2022
කතෘ: මෙලනි මානෙල් පෙරේරා
Everystory Sri Lanka presents the first thirty stories from our ongoing work to create a compendium of Sri Lankan women’s stories — featuring those whose lives, work, and experiences have shaped and are shaped by Sri Lanka’s social, political, and cultural contexts.
From the Stories of Sri Lankan Women Archive — Hansika Abeysinghe

අහම්බයකින් නොව, උපතේ දී ලද දායදය, ජීවිතය වර්ණවත් කරගන්නට සිය භද්‍ර යෞවනයේ ජවය මුසු කරමින්, ක්ශේත්‍රයේ ඇති බොහෝ අඩුපාඩු සහ දුෂ්කරතා කරපිනාගෙන, එහෙත් නොපසුබස්නා උවමනාව තුළ ඉලක්කයක් සහිත අපේකෂාව දෙසට ක්‍රමාණූකූලව ඇය හඹා යන්නී ය. ඒ 150 CC අංකය දරණ යතුරු පැදියෙනි. අධ්‍යාපනයේ උපරිම ඵල ද, දකෂතාවයේ උපරිම ඉසව්ව ද ජයගෙන, දෙස් විදෙස් සැරිසරමින් ජීවිතය විඳින්නට උපතින් ලද අප්‍රතිහත ධෛර්යය පෙරටුකොට, දෙමාපිය ආශිිර්වාදයට මැදි වී ගමන් ගන්නේ ඇයයි; හංසිකා අබේසිංහ යෞවනිය.
2002 වසරේ පෙබරවාරි මස 23 වෙනි දා, ඒ. එම්. පාලිත අබේසිංහ සහ මධුරි සුනේත්‍රා යන දෙපල සිය දෙමාපියන්කොට, ගම්පහා දිස්ත්‍රික්කයේ කටාන ආසනයේ, අකරගම ගොඩිගමුවේ දී හංසිකා කුෂානි අබේසිංහ විශ්ව පවුලට එක්විය. ජීවත්වීම සඳහා වන හුස්ම මෙන් ම ජීවන මග අලංකාර කරගැනීම සඳහා වන කුසලතා රැසක් දෝතින් ගෙන, කටාන-කඳවල පිහිටි “ලිට්ල් රෝස්” නමැති පෙර පාසැලෙන්, “ ‘අ’ යන්න, ‘ආ’ යන්න” තෙපළමින් ඇය සිය ජීවන චාරිකාව ආරම්භ කළේය. අනතුරුව, ප්‍රාථමීක අධ්‍යාපනය සඳහා මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසැලට පිවසු ඇය, වර්තමානයේදි එම තක්ෂලාවේ ම සෙවන ලබමින් පාසැල් දිවියේ අවසාන ඉලක්කය වන අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සාර්ථක ලෙස එතෙර වන්නට සුදානම් වෙමින් සිටින්නීය. ජනමාධ්‍ය, ජපන් භාෂාව සහ දේශපාලන විද්‍යාව යන විෂයයන් හදාරන හංසිකා, එම විෂයයන් ඔස්සේ උසස් අධ්‍යාපනයෙහි නිරත වන්නට ද සැළසුම් කරයි. සිය ජීවිතයට හිමිවුණු එක් දායාදයක් වු යතුරු පැදියට ලොල් වීමත්, ඉන් එහා ගොස් පිරිමි පාර්ශවය හා උරෙන් උර ගැටී ධාවන තරඟවලට ඉදිරිපත් වීමත් ආරම්භ වුයේ ඇය යාන්තම් අවුරුදු 10 ය ලබනවාත් සමගය. ඊට අවැසි පන්නරය ඇය නිරායාසයෙන් ලද්දේ ය. ඒ, හංසිකා සිය දෙමාපියන් සමඟ නිරතුරුවම යතුරු පැදි තරඟ නැරඹීමට හුරුව සිටීම ය. තරඟ නරඹමින් සිටි ඇගේ පුංචි සිත, යතුරු පැදි ධාවනයේ යෙදෙන්නටත් තරඟ සඳහා ඉදිරිපත්වීමටත් බලකර සිටි අතර, ඊට අවැසි බලපත්‍රය ඇය පළමුව ලබාගන්නේ 2012 වසරේය. යතුරු පැදි ධාවන තරඟ නැරඹීම අතිශය සුන්දර කුතුහලය දනවන ක්‍රිඩාවක් වුව ද, බෙහෙවින් ම ත්‍රාසය හා භීතිය මූලික කරගත් ජීවිතය හා අනතුර අතර අවධානම් සහිත ක්‍රීඩාවක් බවට හන්සිකා විසින් අවබෝධකර ගෙන තිබිණි. එහෙත්, කිසිවෙකුටත් කිසිවිකටත් බිය නැති, ඕනෑම තරාතිරමක අභියෝගයක් සතුටු සිතින් භාරගන්නට ඇය සුදානම් ය. හංසිකා කුෂානි, යතුරුපැදි ධාවන ක්‍රීඩාවේ “අ”යන්න “ආ”යන්න ආරම්භ කර දා සිට හෙලිබීස් රේසිංහි දීර්ඝ කාලීන සමාජිකාවක් විය. වසර 09ක් පුරවට “හෙලිබීස්” නියෝජනය කරමින් ශ්‍රී ලංකාව තුල යතුරුපැදි ධාවන ඉසවු පනහකට ඉක්මවූ ප්‍රමානයක තරග වැද, අවස්ථා රාශියකදීම ජයග්‍රහනය කර සහතික, කුසලාතා සහ සම්මාන රාශියක්ම අත්පත් කරගෙන සිටින පාසැල් සිසුවියකි. ශ්‍රි ලංකාව තුළ අඛණ්ඩව වසර 05ක් (2014, 2015, 2016, 2017 , 2018) නොපැරදී ධාවන තරගාවලිය ජයගත් එකම ධාවන ශූරිය වී “චැම්පියන්” වීම තුළ හිමි වු සුවිශේෂනීය වරප්‍රසාදය වුයේ ජාත්‍යන්තර ධාවන තරඟ හා තරඟ කරන්නට ඇය සුදුසුකම් ලැබීමයි. ඒ අනුව, වසර 2018, නොවැම්බර් මාසයේ දී ඉන්දියාවේ පැවති “ඒශියා කප් ඔෆ් රෝඩ් රේස්” (Asia Cup of Road Race) යතුරු පැදි තරඟ දෙකෙන් ම, විවිධ රටවලින් පැමිණි තරඟකරුවන් තරඟකාරිනියන් 45 දෙනෙකු පරාජය කරමින්, හංසිකා පළමු හා දෙවන ස්ථාන හිමිකර ගනිමින් ඉතා වටිනා කුසලාන දෙකක හිමිකාරිනිය විය. මින් පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවැනි තරඟවලියක් සඳහා කිසිවෙකුත් සහභාගි වී නැති අතර, ගැහැණු ළමයෙකු ලෙසට යතුරු පැදි තරඟයට මුහුණ දී පළමු වතාවට, ශ්‍රී ලංකා ධජය විදේස් රටක නංවන්නට හැකියාව ලැබීම ගැන හංසිකා අමන්දානන්දයට පත්වන අතර, ආඩම්බර වන්නීය.
වයස අවුරුදු 16ක් වැනි ළාබාල අවධියක දී, ගැහැණු තරඟකාරිනියක් සේ, එවැනි අන්තර්ජාතික තරඟවලියකින් උසස් ජයග්‍රහණයක් හිමිකරගෙන ලක්බිමට පෙරලා පැමිණීමේ දි, සිය ගොඩිගමුව ගමේ ජනතාව විසින් කටුණායක ගුවන් තොටුපොලේ සිට අලංකාර රථ පෙරහැරකින් ඇයට ගෞරව දක්වමින් සිය නිවස කරා කැටිව පැමිණ ඇත. ශ්‍රි ලංකාවට, සිය ගමට මෙන් ම තමන්ට ද විශාල ගෞරවයක් ළඟාකර දෙන්නට සමත් හංසිකා නිතර දිරිමත් කිරීමත්, ඇය ගැන සොයා බැලීමත්, හංසිකාගේ හොඳම යෙහෙළියන් තිදෙනාගේ දෛනික කාර්ය භාරයක් සේ සිදුවෙයි. පවුලේ අය හැරුණු කොට, සිය දස්කම් ගැන විස්කම් ගැන ඊර්ශියා නොවි, අකුල් නොහෙලා සතුටට පත්වන ග්‍රාමිය ජනතාවක් සහ යහළු යෙහෙළියන් ද ඒ අතරිනුත් හොඳම යෙහෙළියන් තිදෙනෙකුත් තමන් සමීපයේ හිඳීම පිළිබඳව සතුට ට පත්වන හංසිකා, කොවීඩ් වසංගතය හේ්තුවෙන් තාවකාළික විරාමයක් තබා තිබු සිය යතුරු පැදි ධාවන ක්‍රීඩාව, පුහුණු වීම් කටයුතු සහ තරඟ බිමට අවතීර්ණ වීම යළි ආරම්භ කීරීමේ දොරකොඩ සිටින්නීය. “හෙලිබීස් රේසිං” සාමාජිකාවක් ව, වසර 09ක් පුරාවට යතුරු පැදි ධාවන ඉසව්වේ විස්කම් පානා හංසිකාගේ ජීවන යාත්‍රාව තුළ නිබඳවම ශක්තියක් ආශිර්වාදයක් වන සිය ආදරණීය දෙමාපියන්, එකම නැගණිය මෙන් ම අවුරුදු 09 යේදි මුල් ම PW ඉවේන්ට් එක සඳහා ද, 2015 වෙනතුරු ම එකී යතුරුපැදිය සදා දුන් රුවන් අංකල් ද, තමන් වෙනුවෙන් ම පන්නල ට්‍රැක් එකේ ස්කූටි ඉවෙන්ට්, ස්කුටර් බෝයිස් ඉවෙන්ට් සාදා ජයග්‍රහණ අත්පත් කරගන්නට සුවිශේෂි සවියක් වු, අද ජීවන ගමනින් සමුගෙන සිටින උපාලි දසනායක අංකල් ද , “හෙලිබීස්” ටීම් එකේ ප්‍රධානි, මුරාඩ් ස්මයිල්, රීෂා ඔඩයා, වත්මන් යතුරු පැදිය සාදා දෙන නෙඩ් ඩැනියෙල් යන මහත්වරුන් ද, සමස්ත “හෙලිබීස්” කණ්ඩායම ම, සිය සිත් පතුලෙහි ම නිදන්ගතකර ගෙන සිටින්නෝ වෙති.
යතුරු පැදි තරඟ බිමෙහි සිටින, බහුතරයක් අතගසන්නට කැමැත්තක් නොදක්වන, විශාලත ම, මිළ අධික මෙන් ම බරපතල ම, ශබ්දය අධික, තවුසන්ඩ් බයික් (Thousand Bike) යතුරු පැදියක් පදින්න ට සිහින මවන හංසිකා, ලෝකයේ අනෙකුත් රටවලට ගොස් තරඟ වැද ශ්‍රී ලංකාවේ ධජය ඒ ඒ රටවල ද ලෙළදෙන්නට සැළැස්වීමට ත්, මුලූ ලෝකයේම සිටින හොඳම දාවකයින් (Best Riders) සැවොම එකතුවී පදින මොටෝ ඨඡ රේස් එකට මුහුණ දෙන්නට ත්, මාරක් මාර්කස් (Mark Marcus), වැලෙන්ටීනෝ රොස්සී (Valentino Rossi), හා පෙට්‍රෝනාස් (Petronas) යන හොඳම දාවකයින් හමුවීමටත්, අනාගතයේ දී ලංකාවෙ යෞවනියන් යතුරු පැදි තරඟ ඉසව්ව වෙනුවෙන් පුරුදු පුහුණු කරවීමටත් මහත් ඕනෑකමින් එළඹෙන අනාගතය දෙස ඈ අපේකෂා සහගතව බලාසිටින්නීය.
යතුරු පැදි ධාවන ඉසව්ව තුළින් ශ්‍රී ලංකාවේ නාමය ලෝකය තුළ තවත් ඔසවා තබන්නට නම්, ලංකාවේ රේස් පදින බිම් සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් යාවත්කාලිනකර ක්‍රීඩකයින්ගේ චිත්ත ධෛර්යය ශක්තිමත් කළ යුුතු බව ද හංසිකා අවධාරණය කරයි. බොරු නොකියන, බොරු නොකරන සෘජු කතා බහට පමණක් ගරු කරන ඇය, එයම පෙරලා සමාජයෙන් ද අපේකෂා කරයි. ජීවිත ගමනේ කිසිඳු අභියෝගයකට බිය නැති අභියෝග තුළින් සිය දිවි ගමනේ ජවය දුර්වල කරගැනීමට හෝ අහිමිකර ගැනීමට අපේකෂා නොකරන හංසිකා, කාන්තාවට වත්මන් සමාජය තුළ තබා ඇති “ලංසුව” පිළිබඳව සෑහීමකට පත් නොවන්නීය.
“සමහරු කියනවානේ, ගැහැණු අයට මේක කරන්න බැහැ… අරක කරන්න බැහැ කියලා. නෑ… හැමෝටම ඕනම දෙයක් කරන්න පුලූවන්. හිතේ ශක්තිය තමා තියෙන්න ඕනේ. ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුලූවන්. ආකල්ප හින්ද තමයි එහෙම වෙලා තියෙන්නේ,” යැයි අවධාරණය කරන්නේ, වයස අවුරුදු 09 යේ දි PW ඉවේන්ට් එකකින් ආරම්භ කර තවුසන්ඩ් බයික් එකක් කෙසේ හෝ පැද තරඟ කරනවා යන සිහිනය දෙසට සැළකිල්ලෙන් හා පරිස්සමින් හඹා යන, වත්මන් ශ්‍රි ලංකාව් එක ම සහ ලාබාලත ම යතුරු පැදි ධාවන ශූරි, හංසිකා කුෂානි අබේසිංහ යෞවනියයි.
(සංවාද සටහන සහ ඡායාරූප — මෙලනි මානෙල් පෙරේරා මෙලනි මානෙල් පෙරේරා වෘත්තීය මාධ්‍යවේදිනියක් වන අතර ආසියානු පුවත් සේවයෙහි ශ්‍රී ලංකාවේ වාර්තාකාරිණිය ලෙසට සේවය කරයි. වැඩසටහන් නිෂ්පාදකවරියක් මෙන් ම වැඩසටහන් ඉදිරිපත්කරන්නිය ලෙසට වෙරිටාස් ගුවන් විදුලියෙන් සිය සන්නිවේදක වෘත්තිය ආරම්භ කළ ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක් ද වන්නීය.)
Reference Links and Further Reading
Teenage Girl the men couldn’t catch bags top award, Sunday Observer, 29th March 2020, http://www.sundayobserver.lk/2020/03/29/sports/teenage-girl-men-couldn%E2%80%99t-catch-bags-top-award
Sri Lankan Rider Second, Sunday Observer, 18th November 2018, http://www.sundayobserver.lk/2018/11/18/sri-lankan-rider-second
Notes This article is pending support to be translated into English and Tamil. Please email storiesofslwomen@everystorysl.org if you would like to support us with translations or if you have any questions.